බිල් ගේට්ස් (Bill Gates) කියන නම බොහෝදෙනෙකුට හුරු පුරුදු නමක්. ඔහු තමයි ලෝ ප්‍රකට මයික්‍රොෙසාෆ්ට් සමාගමේ ආරම්භකයා. බිල් ගේට්ස් ඉපදුනේ හොඳින් ඉගෙනගත් මව් පියන් දරු දරුවන් සිටින පවුලකයි. ඒත් ඒ අය පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් (Programmers) නෙවෙයි. ඉංජිනේරුවනුත් නෙවෙයි, කාර්මිකයින්වත් නෙවෙයි. ඒත් කොහොමද බිල් ගේට්ස් හැකර් කෙනෙක් වුනේ.
ඔහුගේ පියා නීතීඥවරයෙක්. ඔහු සාර්ථක පුද්ගලයෙක්. මව ගුරුවරියක්. නමුත් යොවුන් වියේ පාසලේදී පොතපතට ඇල්මක් දැක්වූකුඩා බිල් සිහිනය වුනේ තමන්ගේම ව්‍යාපාරයක්, සමාගමක් ආරම්භකරන්නටයි. කෙනෙක් කියන්න පුළුවන් ඒ කුඩා කාලයේ තිබුණ හීනය තමයි ඔහුගේ ආරම්භය කියලා. ඒත් පුංචි අයට කොයිතරම් නම් සිහින තිබෙනවාද? ඉතින් ඊළඟට මොකද වුනේ.
බිල් ගේට්ස් කුඩා කාලයේදීබිල් කොහොමද පරිගණක වීරයෙක් වුනේ..
බිල් ගේට්ස් මුලින්ම පරිගණකයක් දැක්කේ අවුරුදු 13 දී. ඒ ඔහුගේ පාසලේදී. ඒ පරිගණකය පාවිච්චි කිරීම වෙනුවෙන් යම් මුදලක් අය කරන්නට ඒ පාසල තීරණය කර තිබුණා. ඉතින් නිතර නිතර පාසලේ පරිගණකය පාවිච්චි කල බිල් අතේ සල්ලි නැති වෙලාවට නොමිලේ ඒ පරිගණකය පාවිච්චි කරන්න පුළුවන් විදියට හැක් කලා. ඒ වැරද්දට ඔහුව පාසලෙන් එලවා දැම්මා. ඒත් ඔහුගේ මේ හැකියාව ගැන විස්මායට පත්වුණු පාසලේ විදුහල්පතිවරයා ඒ පරිගණකයේ දේාෂ නිරාකරණය කරන්නට බිල් ගේට්ස් සිසුවාව පත් කලා. ඔන්න ඕකයි මේ පරිගණක වීරයාගේ අාරම්භය.
කඩිසර බුද්ධිමත් තරුණයෙක් වීම..
පාසලේ අවසාන විභාගයෙන් ලකුණු 1600කින් 1590 ලබාගත් ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයට තෝරාගැනුනා. දිනක් විශ්ව විද්‍යාලයේ තාක්ෂණ සඟරාවක් කියවන විට බිල් ගේට්ස්ට හමුවුනා අලුත්ම පරිගණකයක් ගැන වෙළඳ දැන්වීමක්. ඒ දැන්වීම පළකල Altair ආයතනයට දුරකථන ඇමතුමක් දුන් ඔහු කිව්වේ තමන් ලඟ මේ අලුත් පරිගණකයට ගැලපෙන පරිගණක භාෂාවක් (Programming Language) තිබෙන බවයි. ඒ වගේම ඔහු ඒ භාෂාව පරිගණක නිෂ්පාද සමාගමට විකුණ දමන්නටත් කැමැත්ත පළකලා. හැබැයි එහෙම පරිගණක භාෂාවක් ඔහු ලඟ තිබුනේ නැහැ. ඔහු කඩිමුඩියේ වැඩ ආරම්භකරන්න සූදානම් වුනා. ඒ වගේම පරිගණක සමාගම ඔහුගේ නිර්මාණය මිලදීගනනටත් කැමැත්ත පලකලා.
රෑ දවල් නොබලා වෙහෙසීම..
බිල්ගේ පාසල් කාලයේ මිත්‍රයෙක් වුණු පොල් එක්ක එකට වාඩි වෙලා බිල් තමන් විකුණන්නට එකඟ වුනු පරිගණක භාෂාව ලියන්නට පටන්ගත්තා. හාවඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක භාවිත කරලා නිර්මාණය කරන මේ පරිගණක භාෂාවේ 50%කට වැඩි ප්‍රමාණයක් code කලේ බිල් විසින්මයි. දවස පුරාම පරිගණකයෙන් code කරපු ඔහු නිදාගත්තේත් පරිගණක මේසයේමයි. උදේට ඇහැරිලා කලින් දවසේ නවතා දැමූ තැනින් ඔහු නැවත ආරම්භ කලා.
අයිතිය, හිමිකාරිත්වය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම..
ඒ වැඩේ අවසන් වුන විගස BASIC නමින් හඳුන්වපු මේ අලුත් පරිගණක භාෂාවත් අරගෙන ඔහු මෙක්සිකොවට ගියා. ඔහුගේ පරිගණක භාෂාව ඇමරිකානු ඩොලර් 3000කට Altair සමාගමට විකුණු ඔහු BASIC පරිගණක භාෂාවේ අයිතියත් තමන් සතුවම තබාගන්නටත් අමතක කලේ නැහැ. ඒ තීරණය අනාගතයේදී වැදගත් වෙයි කියලා සමහරවිට ඔහු සිතන්නටත් ඇති.
DOS මෙහෙයුම් පද්ධතිය
අනාගතය ගැන සිහින දැකීම..
අවුරුදු 5කට පස්සේ IBM සමාගම එයාලගේ පරිගණක වලට මෙහෙයුම් පද්ධතියක් ඔහු නිර්මාණය කරලා තියෙනවාද කියන ප්‍රශ්ණයට බිල් ක්ෂණිකවම ඔව් කියනවා. ඒත් ඔහු පරිගණක මෙහෙයම් පද්ධතියක් ගැන හිතලාවත් නැහැ. ඒ නිසා ඔහු මෙහෙයුම් පද්ධතියක් මිලදීගන්නට සොයනවා. සියැටල් වලදී ඔහුට හමුවෙනවා මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කල පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගෙන් මෙහෙයුම් පද්ධතිය අයිතියත් සමඟම මිලදීගන්නා බිල් ගේට්ස් වඩා වැඩි මුදලකට IBM සමාගමට විකුණනවා. ඒ තමයි DOS මෙහෙයුම් පද්ධතිය. හැබැයි අයිතිය තමන් සතුවම තබාගන්නට ඔහු අමතක කරන්නේ නැහැ. ඒ වගේම IBM සමාගම ඒ ගැන විමසන්නේවත් නැහැ. මොකද ඒ කාලේ සාමාන්‍ය කෙනෙක් මෘදුකාංග සඳහා මුදල් වැය කරන්නේ නැහැ. ඒත් මෘදුකාංග සඳහා ඇති විය හැකි වෙළඳපල බිල් කලින්ම දකිනවා.
ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සමඟඇපල් සමාගම සමඟ සම්බන්ධ වීම..
SEE ALSO: ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....
මේ කාලේ වෙනකොට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කරළියට එනවා. ඔහුට අවශ්‍ය වෙනවා බිල් ගේට්ස් ලවා අලුත් පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න. දැනට අපි පාවිච්චි කරනවා වගේ දෘශ්‍ය අතුරු මුහුණතක් (visual interfaces) සහිත වැඩසටහනක්. ඒ කියන්නේ කළු සුදු අකුරු ඇති DOS මෙහෙයුම් පද්ධතිය වෙනුවට රූප රාමු සහිත මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්නට. මේ වෙනුවෙන් බිල් ගේට්ස් ඇපල් සමාගමට එනවා. ඇපල් සමාගමේ කණ්ඩායමක් භාරව ක්‍රියාකරනවා. ඒත් ස්ටීව්, බිල්ගේ කණ්ඩායම හෝ බිල්ගේ වැඩ ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒත් බිල් රහසිගතවම සිය වැඩසටහන නිර්මාණය කරනවා.
ප්‍රථම විප්ඩොස් මෙහෙයම් පද්ධතිය
දෘශ්‍ය අතුරු මුහුණත හඳුන්වාදීම..
ඒත් බිල්ට අවශ්‍ය වෙන්නේ නැහැ තමන්ගේ ජීවිත කාලයම ස්ටීව් ජොබ්ස්ගේ අදහස් වලට වැඩ කරන්න. අදහස් කියන්නේ ඇත්තටම ක්‍රියාවට නංවනතෙක් කිසිදු තේරුමක් නැති දෙයක්. ස්ටීව්ගේ අැපල් සමාගම සඳහා නිර්මාණය කරන අතුරු මුහුණත පිළිබඳ අදහස ස්ටීව්ට ලැබුනේ Xerox නම් නව සමාගමෙන්. වචනයේ පරිසමාප්ත අයුරෙන්ම ස්ටීව් එම සමාගමේ නිර්මාණය තමන්ගේ දෙයක් වගේ නිර්මාණය කරන්නටයි සූදානම් වන්නේ. ඉතින් Xerox සමාගමෙන් ස්ටීව් සොරකම් කල දෘශ්‍ය අතුරුමුහුණත බිල් ගේට්ස් ඇපල් සමාගමේ සිටියදීම සොරකම් කරනවා. ඔහු එය හඳුන්වන්නේ Windows නමින්.
වසර 2002 දී නැවත ස්ටීව් ජොබ්ස් සමඟ
2 comments
Write comments:-bd
ReplyElazz
ReplyEmoticonEmoticon